කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පළාත් කිහිපයක පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (07) පස්වරු 3.30ට නිකුත් කළ එම නිවේදනය හෙට (08) දිනය සඳහා වලංගු වන බව සඳහන් වේ.
සබරගමුව, උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල මෙන්ම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමකට පැමිණිය හැකි බවද දැනුම් දී ඇත.
ඒ අනුව, ජනතාව තම සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වෙමින් අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී
උණුසුම් කාලගුණය ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

