Homeසියලුම පුවත්බෝතල් කළ පානීය ජලයට නව උපරිම මිල ගණන්

බෝතල් කළ පානීය ජලයට නව උපරිම මිල ගණන්

දේශීයව ඇසුරුම් කරන ලද පානීය ජල බෝතල් සඳහා නව උපරිම සිල්ලර මිල ගණන් අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
නව නියෝගයට අනුව නියමිත උපරිම මිල ඉක්මවා ජල බෝතල් අලෙවි කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් වන අතර, උල්ලංඝනය කරන වෙළෙඳුන්ට එරෙහිව වැටලීම් සිදුකරන බව ද සඳහන් වේ.

නව උපරිම සිල්ලර මිල ගණන්:
 500ml – 999ml : රු. 80
 1L – 1.499L : රු. 120
 1.5L – 1.999L : රු. 150
 2L – 2.499L : රු. 180
 5L – 6.999L : රු. 400

මෙම නව මිල පාලන නියෝගයත් සමඟ පෙර පැවති මිල ගණන් අවලංගු වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments