ඉදිරියේදී ඇතිවිය හැකි ප්‍රබල ‘එල් නිනෝ’ දේශගුණික තත්ත්වය ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑහොත්, පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා සාගර ජලය පිරිපහදු කර බෙදාහැරීමට පවා සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවා තිබේ.
එම මධ්‍යස්ථානයේ අතිරේක ලේකම් කේ.ජී.බී. ධර්මතිලක මහතා පවසන්නේ, මෙවර අපේක්ෂිත එල් නිනෝ තත්ත්වය පෙර පැවති අවස්ථාවන්ට වඩා දරුණු විය හැකි බවයි.
එම තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජල මූලාශ්‍ර පවා සිඳී යාමේ අවදානමක් පවතින අතර, හදිසි ජල සැපයුම් සඳහා දැනට පවතින ජල බවුසර් ප්‍රමාණය ප්‍රමාණවත් නොවිය හැකි බවද ඔහු සඳහන් කළේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද පෙන්වා දෙන්නේ ජූලි සහ අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවට නියං තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.
ඒ හේතුවෙන් ඉදිරි කාලය සඳහා කල්තියා සූදානම් වීම අත්‍යවශ්‍ය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරයි.
එල් නිනෝ’ බලපෑමෙන් ජල අර්බුදයක් ගැන අනතුරු ඇඟවීමක්

