ලබන 31වැනිදා දක්වා අද සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කර තිබෙනවා.
මීට පෙර සෞඛ්‍ය අංශ සඳහන් කළේ දෙසැම්බර් 1-15 දක්වා බලපැවැත්වුණු මාර්ගෝපදේශ ඉදිරි සති දෙක සඳහාද දීර්ඝ කරන බවයි.
- Uවිවාහ මංගල්‍ය සඳහා උත්සව ශාලාවල ඉඩ ප්‍රමාණයෙන් 50% ක ප්‍රමාණයකට අවසර ඇත . මීට පෙර මත්පැන් ලබාදීමට අවසරයක් නොතිබූ නමුත් මෙවර ඒ ගැන සඳහනක් නැත.
- සිනමාශාලා සඳහා ආසන පහසුකම් අනුව සීයයට 75ක පිරිසකට ඇතුල්වීම අවසර හිමිව ඇත. ක්‍රීඩා කටයුතු සිදුකිරිමට අවසර ලබාදී ඇති අතර තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර නැත.
- උත්සව අවස්ථා නිවසේදී 10කට සීමා වේ. එලිමහන් සාද තවදුරටත් තහනම් වේ.
- ආපනශාලා තුල ආහාර ගැනීමේදී එකවර අසුන් පැනවිය හැකි උපරිම සංඛ්‍යාව 100 දෙනෙකු වන අතර එළිමහන් ස්ථානයක නම් පුද්ගලයින් 150 කට අවසර ලබාදී ඇත.
- වෙළෙඳ සැල්, ෆාමසි සහ සුපිරි වෙළෙඳසැල් සඳහා එකවර ඇතුල්විය හැකි සංඛ්‍යාව එහි ඉඩ ප්‍රමාණයෙන් 50% දක්වා ඉහල නංවා ඇත.
- කොන්ඩ කපන ස්ථාන සඳහා පැමිණිය හැක්කේ තවදුරටත් පෙර වේලාවන් වෙන් කර ගන්නා පාරිභෝගිකයින්ට පමණයි.
- ආර්ථික මධ්‍යස්ථාන, සති පොළවල්, ජංගම වෙළෙඳුන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව වැඩ කටයුතු පැවැත්වේ.
- ආගමික ස්ථාන සඳහා බැතිමතුන් පැමිණීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුවේ.
- සම්මන්ත්‍රණ ශාලා ආදිය පවත්වාගෙන යාමේදි නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු අතර උපරිම සංඛ්‍යාව 150 කට සීමා විය යුතුය.
- උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා පමනක් උපකාරක පංති පැවැත්විය හැකි අතර එකවර සහභාගිවිය හැකි ප්‍රමාණය ඉඩ ප්‍රමාණයෙන් 50% ක් වේ.
- කර්මාන්තශාලා ආදිය පවත්වා ගෙන යෑමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුවේ.