මෙවර ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය අද (13) පෙරවරු 6.17ට යෙදුණු සුබ මොහොතින් සිදුකෙරුණි.
කප් සිටුවීමෙන් පසු අද සිට අගෝස්තු 17 වැනිදා දක්වා දින 5ක් නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පැවැත්වේ.
අනතුරුව පළමු කුඹල් පෙරහැර අගෝස්තු 18 වැනිදා ආරම්භ වන අතර, එය අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 23 වැනිදා ආරම්භ වන අතර, අවසන් මහා රන්දෝලි පෙරහැර අගෝස්තු 27 වැනිදා පැවැත්වේ.
අගෝස්තු 28 වැනිදා දිය කැපීමේ පෙරහැර සහ දහවල් පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අවසන් වීමට නියමිතය.

