Homeසියලුම පුවත්ඩෙංගු මරණ 68 දක්වා ඉහළට - රෝගීන් 91,000 ඉක්මවයි

ඩෙංගු මරණ 68 දක්වා ඉහළට – රෝගීන් 91,000 ඉක්මවයි

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනුව මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 91,059 දෙනෙකු හඳුනාගෙන ඇත.

වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 52.98%ක් එනම් රෝගීන් 48,244 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයට එල්ල වී ඇති අතර, එහි රෝගීන් 19,406ක් වාර්තා වී ඇත. කොළඹින් රෝගීන් 18,101ක් සහ මහනුවරින් රෝගීන් 6,491ක් වාර්තා වී තිබේ.

පසුගිය ජූලි මාසයේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,971කි. අගෝස්තු මාසයේ ගතවූ දින කිහිපය තුළ පමණක් රෝගීන් 5,714 දෙනෙකු හඳුනාගෙන ඇත.

මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 119ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments