Thursday, November 13, 2025
Homeදේශීයමහා පරිමාණ ආනයනකරුවන් හත් දෙනෙකa රටටම සෑහෙන අර්තාපල්” ළූණු තොගයක් ගෙනැවිත් රට...

මහා පරිමාණ ආනයනකරුවන් හත් දෙනෙකa රටටම සෑහෙන අර්තාපල්” ළූණු තොගයක් ගෙනැවිත් රට පුරා බෙදාහරිමින්

අර්තාපල් අස්වැන්න වෙළෙඳපොළට එමින් තිබිය දී “රනිල් රාජපක්ෂ ආණ්ඩුව” ගනු ලැබූ ආනයනික සීමා ලිහිල් කිරීමේ තකතීරු කැබිනට් තීරණයෙන් ප්‍රයෝජන ගත් මහා පරිමාණ ආනයනකරුවන් හත් දෙනෙකු මේ වනවිට රටටම සෑහෙන තරමේ අර්තාපල් – ළූණු තොගයක් ගෙනැවිත් රට පුරා බෙදාහරිමින් ඇති බව ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික ගොවි ව්‍යාපාරය පෙන්වා දෙයි.

ජානිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා එසේ පෙන්වා දෙමින් අවධාරණය කරන්නේ, ඉහත කී අල-ළූණු ඇතුළු මෙරට ගොවි ජනතාව වගා කරන කෘෂි නිෂ්පාදන ආනයනයේදී අවම වශයෙන් 100%ක බද්දක් පැනවීමට කටයුතු නොකළහොත් තම අස්වනු විකුණාගත නොහැකිව ලතවෙන ගොවි ජනතාව සමඟ පාරට බැසීම හැර වෙනත් විකල්පයක් ජාතික ගොවි ව්‍යාපාරයට නොමැති බවයි

RELATED ARTICLES

Most Popular

Recent Comments