Homeසියලුම පුවත්මහ කන්නයට පොහොර සැපයුම තහවුරු කිරීමට විශේෂ සාකච්ඡාවක්

මහ කන්නයට පොහොර සැපයුම තහවුරු කිරීමට විශේෂ සාකච්ඡාවක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය හා මෙරටට පොහොර ආනයනය කරන සමාගම් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (01) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර තොග ප්‍රමාණවත් ලෙස රට තුළට ගෙන්වා ගැනීම සහ පොහොර සැපයුමේ කිසිදු හිඟයක් ඇති නොවන පරිදි ගත යුතු පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
විශේෂයෙන්ම TSP, යූරියා සහ MOP යන කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය පොහොර වර්ග ගෙන්වීම පිළිබඳව අවධානය යොමු කර ඇති අතර, 2026 වසර සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති සමස්ත පොහොර ප්‍රමාණයම ආනයනය කිරීමට සූදානම් බව සමාගම් නියෝජිතයෝ සහතික වී ඇත.
රට තුළ පොහොර හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවත්, අවශ්‍ය තොග ගෙන්වීම සඳහා මේ වන විටත් ගිවිසුම්ගත වී ඇති බවත් පොහොර ලේකම් කාර්යාලය සඳහන් කරයි.
මේ අතර, ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නියමිත වේලාවට ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සෘජුව මැදිහත් වන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments