Homeසියලුම පුවත්මහ බැංකුවෙන් පොලී අනුපාතිකය 8.75% දක්වා ඉහළට

මහ බැංකුවෙන් පොලී අනුපාතිකය 8.75% දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ දමමින් 8.75%ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.
ඊයේ (25) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව මහ බැංකුව නිවේදනය කළේය.
දේශීය හා ජාත්‍යන්තර ආර්ථික තත්ත්වයන් මෙන්ම ඉදිරියේ ඇතිවිය හැකි අවදානම් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹී ඇති බව සඳහන් වේ.
මීට පෙර, 2026 මාර්තු මාසයේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75% ලෙස පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කර තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments