2022 වසරේ ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මාසයක් ඇතුළත අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම දැනුම්දීම සිදුකර ඇත.
විනිසුරු මඩුල්ල විසින් අධිචෝදනා ගොනු කිරීමට ගතවන කාලය විමසූ අවස්ථාවේදී, මාසයක් ඇතුළත ඒ සඳහා පියවර ගන්නා බව ඇය සඳහන් කළාය.
මේ අතර, දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ අධිචෝදනා ගොනු කරන්නේ නම් වත්මන් නඩු කටයුතු තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව යළි සැප්තැම්බර් 2 වැනිදා කැඳවීමට නියම කළේය.
අරගලයට පහරදීමේ සිද්ධියට මාසයක් තුළ දේශබන්දුට අධිචෝදනා

