මාතර – තංගල්ල මාර්ගයේ තලල්ල වජිරවංශ මාවත අසලදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.
අද (26) උදෑසන 7.45ට පමණ සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූවන්ගෙන් 25 දෙනෙකු මාතර මහ රෝහලටත්, සෙසු පිරිස බතීගම ප්රාදේශීය රෝහලටත් ඇතුළත් කර තිබේ.
ගාල්ල – අම්පාර අතර සහ තංගල්ල – මාතර අතර ධාවනය වූ බස් රථ දෙකක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, අනතුර හේතුවෙන් මාර්ගයද තාවකාලිකව අවහිර වී ඇත.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
මාතරදී බස් රථ දෙකක් ගැටී 40කට ආසන්න පිරිසක් රෝහල්ගත

