කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද (17) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද ස්ථාන කිහිපයක සුළු වැසි ඇතිවීමේ හැකියාව පවතී.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල බොහෝවිට වියළි කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඊට අමතරව, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමා යා හැකි බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

