Homeසියලුම පුවත්ඩෙංගු ආසාදිතයින් 72,430 දක්වා ඉහළට – මරණ 49ක්

ඩෙංගු ආසාදිතයින් 72,430 දක්වා ඉහළට – මරණ 49ක්

මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ නවතම දත්ත අනාවරණය කරයි.

ඊයේ (15) දිනයේ පමණක් නව ඩෙංගු රෝගීන් 1,195 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ජූලි මාසයේ පළමු දින 15 තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,051කි.

පළාත් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එය 38,160කි. දකුණු පළාතෙන් රෝගීන් 11,274ක්, සබරගමුව පළාතෙන් 6,073ක් සහ මධ්‍යම පළාතෙන් 6,026ක් වාර්තා වී තිබේ.

දිස්ත්‍රික් මට්ටමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇති අතර එය 15,082කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,447ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,124ක් හඳුනාගෙන ඇත.

ඩෙංගු ආසාදනය හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 49 දෙනෙකු මියගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන වැඩිදුරටත් සඳහන් කරයි.

සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මදුරු බෝවන ස්ථාන විනාශ කිරීම, නිවාස හා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම සහ ඩෙංගු රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments