අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තා හමුවේ මෙතෙක් කිසිදු ප්‍රසිද්ධ දර්ශනයකට පෙනී නොසිටි ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ වීඩියෝ පටයක් එරට රාජ්‍ය අනුග්‍රහය ලබන ‘මෙහර්’ (Mehr) ප්රවෘත්ති ඒජන්සිය විසින් ප්‍රසිද්ධ කර තිබේ.
උත්තරීතර නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බවත්, ඔහු ඉදිරි දින කිහිපය තුළ මියයාමේ අවදානමක් පවතින බවත් සඳහන් කරමින් මාධ්‍ය වාර්තා කිහිපයක් පළවීමෙන් අනතුරුව මෙම වීඩියෝව නිකුත් කිරීම විශේෂත්වයකි.
තත්පර 12ක කෙටි වීඩියෝ පටයක් ලෙස මෙය නිකුත් කර ඇත. මොජ්තාබා කමේනි සිය ජ්‍යෙෂ්ඨ උපදේශකයින් සහ නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡාවක නිරත වන අයුරු එහි දැක්වේ.
වීඩියෝවට අනුව ඔහු ඉතා සන්සුන්ව සහ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව නිරූපණය වේ.
මෙම දර්ශන පටිගත කරන ලද නිශ්චිත දිනයක් හෝ වේලාවක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

