Homeසියලුම පුවත්රන් මිල රුපියල් 4,000කින් පහළට

රන් මිල රුපියල් 4,000කින් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (10) දිනයට සාපේක්ෂව අද (11) රුපියල් 4,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත අනුව වාර්තා වේ.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 343,200ක් දක්වා පහළ ගොස් තිබේ.

ඊයේ දිනයේදී කැරට් 22 රන් පවුමක මිල රුපියල් 347,000ක් ලෙස පැවතුණි.

මේ අතර, ඊයේ රුපියල් 377,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිලද අද වනවිට රුපියල් 373,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments