Homeසියලුම පුවත්ඉරාන තීරණයෙන් බොරතෙල් මිල ගණන් පහළට

ඉරාන තීරණයෙන් බොරතෙල් මිල ගණන් පහළට

ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය නොසන්සුන්තාව උත්සන්න වීමත් සමඟ අඛණ්ඩව ඉහළ යමින් පැවති ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල සුළු පහළ යෑමක් වාර්තා වී තිබේ.

ඒ අනුව ප්‍රධාන තෙල් මිල සලකුණක් වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ (11) උදෑසන අමෙරිකානු ඩොලර් 108 සීමාව ඉක්මවා ගියද, අද වනවිට එය ඩොලර් 104.61 දක්වා පහළ ගොස් ඇත.

එමෙන්ම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් බැරලයක මිලද ඊයේ පැවති ඩොලර් 103.34 සිට අද වනවිට ඩොලර් 100.05 දක්වා අඩු වී තිබේ.

මර්බන් (Murban) වර්ගයේ බොරතෙල් බැරලයක මිලද ඊයේ ඩොලර් 122.48ක් ලෙස පැවති අතර, අද එය ඩොලර් 119.46 දක්වා පහළ ගොස් ඇත.

සතියකට ආසන්න කාලයක් පුරා උත්සන්න වූ යුදමය වාතාවරණයක් පැවතියද, බොරතෙල් මිල ගණන් මෙලෙස පහළ යෑමට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉරාන බලධාරීන් පිරිසක් ඕමානය බලා පිටත්ව යන බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කිරීමයි.

ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයක නියෝජිතයන් ද එම තීරණාත්මක සාකච්ඡාව සඳහා එක්වීමට නියමිත බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments