Homeසියලුම පුවත්රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදුන් කැමරා ශිල්පියා පොලිස් අත්අඩංගුවට

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදුන් කැමරා ශිල්පියා පොලිස් අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 0

ඊයේ (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණෙමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බව වාර්තා වේ.

අධිකරණ ගේට්ටුව ආසන්නයේදී ආරක්ෂක නිලධාරියාගේ හිසට කැමරාවකින් පහර වැදී ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, සිද්ධියෙන් පසුව අදාළ නිලධාරියා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර රෝහල්ගත කර තිබුණි. 1

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, ශ්‍රී ලංකා වැඩකරන මාධ්‍යවේදීන්ගේ සංගමයද සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා තිබේ. 2
“`3

RELATED ARTICLES

Most Popular

Recent Comments