Sunday, November 16, 2025
Homeදේශීයරනිල් ගැන හෝ, IMF ක්‍රියාමාර්ග ගැන ජනතාවට කිසිම විශ්වාසයක් නෑ – බහුතර...

රනිල් ගැන හෝ, IMF ක්‍රියාමාර්ග ගැන ජනතාවට කිසිම විශ්වාසයක් නෑ – බහුතර මතය බව සමීක්ෂණයකින් හෙළිවේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ පොහොට්ටු පක්ෂය ප්‍රමුඛ මැති ඇමතිවරුන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පටවා තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් කිසිදු යහපත් ප්‍රතිඵල අපේක්ෂා කළ හැකි බව මෙරට ජනතාවගෙන් වැඩි පිරිසක් විශ්වාස නොකරති.

වෙරිටේ රිසර්ච් ආයතනය පසුගිය ජූනි මාසයේදී දීප ව්‍යාප්තව පුද්ගලයින් 1,008 දෙනෙකුගේ නියැඳියක් යොදා ගනිමින් කළ සමීක්ෂණයකදී ඒ බව හෙළිවී ඇත.

එම සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 45%ක් වර්තමාන IMF ක්‍රියාවලිය තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ ගත හැකි වෙතැයි විශ්වාස නොකරන බව ප්‍රකාශ කර ඇත. එමෙන් ම, 27%ක් කුමක් වේ දැයි සිතා ගත නොහැකි බව ප්‍රකාශ කර ඇති අතර මෙරට ආර්ථිකය යහපත් වනු ඇතැයි විශ්වාස කර ඇත්තේ 28%ක් වූ පිරිසක් පමණි

RELATED ARTICLES

Most Popular

Recent Comments