Homeසියලුම පුවත්රාජාංගනේ සද්ධාරතනට නාඳුනන පිරිසකගෙන් පහරදීමක්

රාජාංගනේ සද්ධාරතනට නාඳුනන පිරිසකගෙන් පහරදීමක්

භික්ෂුත්වයෙන් නෙරපනු ලැබූ රාජාංගනේ සද්ධාරතන නමැති චීවරධාරියාට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පහරදී ඇති බව පොලිසිය පවසයි.
පොලිස් තොරතුරු අනුව, මෙම සිද්ධිය පසුගිය ජුනි 6 වැනිදා රාත්‍රියේ සිදුව ඇති අතර, වෑන් රථයකින් පැමිණි මුහුණු ආවරණය කළ පුද්ගලයන් දෙදෙනෙකු පහරදීමෙන් අනතුරුව පලාගොස් තිබේ.
පහරදීමෙන් තුවාල ලැබූ චීවරධාරියා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවද වාර්තා වෙයි.
මෙම ප්‍රහාරයට හේතුව කුමක්ද සහ එය සිදුකළ පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments