Homeසියලුම පුවත්විදුලි සැර වැදී වනඅලි දෙදෙනෙකු මියයයි

විදුලි සැර වැදී වනඅලි දෙදෙනෙකු මියයයි

බුත්තල – ඔක්කම්පිටිය ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් වනඅලි දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.
වනජීවී නිලධාරීන් සැක පළ කරන්නේ, උක් වගා බිමක් ආරක්ෂා කිරීම සඳහා නීතිවිරෝධී ලෙස ඇද තිබූ විදුලි රැහැනක ගැටීම හේතුවෙන් මෙම අලි දෙදෙනා මියගොස් ඇති බවයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු එකක් පමණ වන අලි පැටවෙකු සහ වයස අවුරුදු විස්සක් පමණ වන වැඩිහිටි අලියෙකු බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වනඅලි දෙදෙනාගේ මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ අද (14) පැවැත්වීමට නියමිතය.
ඔක්කම්පිටිය පොලිසිය සහ මොනරාගල වනජීවී කාර්යාලයේ නිලධාරීන් එක්ව සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments