රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි 38 හැවිරිදි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගෝනහේන විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේ (19) කඩවත, සාන්ත අන්ද්රේ අවිල්ලීනු දේවස්ථානය අසලදී මෙම වැටලීම සිදුකර ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ‘පොඩි සුරේෂ්’ සහ ‘සංඛ සමීර’ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු බවයි.
වැටලීමේදී සැකකරු සන්තකයේ තිබූ කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 288ක් බරැති අයිස් මත්ද්‍රව්‍ය තොගය, විද්‍යුත් තරාදියක්, ජාවාරමෙන් උපයාගත් බව සැලකෙන මුදල් සහ ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ගණේමුල්ල, කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔහු සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.
රු. කෝටි 10කට අධික අයිස් සමඟ සැකකරුවෙකු STF දැලේ

