Homeසියලුම පුවත්රු. මිලියන 377ක හෂීෂ් සමඟ විදේශිකයෙකු කටුනායකදී දැලේ

රු. මිලියන 377ක හෂීෂ් සමඟ විදේශිකයෙකු කටුනායකදී දැලේ

රුපියල් මිලියන 377කට අධික වටිනාකමකින් යුතු හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශීය ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ ගුවන් මගී පහසුකම් සලසන ‘ගෝල්ඩ් රූට්’ පර්යන්තය ඔස්සේ ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ මෙරටට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
රේගු ඉතිහාසයේ කටුනායක ගුවන්තොටුපොළේදී මෙතරම් විශාල වටිනාකමකින් යුතු හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බවද සඳහන් වේ.
සැකකරු 23 හැවිරිදි ඩොමිනිකානු ජනරජයේ පුරවැසියෙකු වන අතර, එරට විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ කැනඩාවෙන් මෙම මත්ද්‍රව්‍ය ලබාගෙන ඩුබායි හරහා එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.
ඔහු රැගෙන ආ ගමන් මලු දෙක තුළ කිලෝග්‍රෑම් 37යි ග්‍රෑම් 639ක් බරැති හෂීෂ් මත්ද්‍රව්‍ය පැකට් 146ක් තුළ සඟවා තිබූ බවද රේගුව පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments