Friday, February 13, 2026
Homeසියලුම පුවත්රූපවාහිනියේ හිග විදුලි බිල කෝටි පහ පනී…

රූපවාහිනියේ හිග විදුලි බිල කෝටි පහ පනී…

ලක්ෂ 520 ක ජාතික රූපවාහිනි සංස්ථාවේ හිඟ විදුලි බිලෙන් කොටසක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ගෙවීමට කටයුතු කර තිබේ.

ඒ අනුව පසුගිය දා එම හිග විදුලි බිලෙන් ලක්ෂ 250ක් ගෙවීමට රූපවාහිනී සංස්ථාව කටයුතු කර ඇත.

සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කරන්නේ ඉතිරි මුදලද ලබන මාසය තුළ දී සම්පූර්ණයෙන්ම ගෙවා නිමකිරීමට බලාපොරොත්තු වන බවය.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් රූපවාහිනි සංස්ථාවේ විදුලිය විසන්ධි කිරීමටද දැනුම් දී තිබුණේ හිග විදුලි බිල්පත් නොපියවීම මතයි

RELATED ARTICLES

Most Popular

Recent Comments