Homeසියලුම පුවත්සීදූව හෝටලයක සේවකයෙකු උඩුමහලෙන් ඇදවැටී මරුට – සැකකරු අත්අඩංගුවට

සීදූව හෝටලයක සේවකයෙකු උඩුමහලෙන් ඇදවැටී මරුට – සැකකරු අත්අඩංගුවට

සීදූව නගරය ආසන්නයේ හෝටලයක උඩුමහලෙන් පුද්ගලයෙකු බිමට තල්ලු කර ඝාතනය කර ඇති බවට ලැබුණු තොරතුරක් මත සීදූව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මියගොස් ඇත්තේ 49 හැවිරිදි බෝයගනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු අදාළ හෝටලයේ සේවකයෙකු වන අතර, හෝටලයේ උඩුමහලේ නවාතැන්ගෙන සිට ඇති බව පොලීසිය සඳහන් කරයි.

තවත් සේවකයෙකු සමඟ මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව ඔහුව උඩුමහලෙන් බිමට තල්ලු කර ඇති බවට දැනට සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් 41 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments