දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.
අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඇති බව වාර්තා වේ. 0
පසුගිය 17 වනදා අල්ලස් කොමිසම විසින් රේණුක පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ බස් රථ සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී සේවා අවසරපත් නීතිවිරෝධී ලෙස නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අදාළවය.
ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන සහ 2014 සැප්තැම්බර් 19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයේ නිර්දේශවලට පටහැනිව දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී සේවා අවසරපත් 56ක් නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව නිකුත් කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
එමෙන්ම අදාළ වාර්ෂික ගාස්තු එකවර අයකර නොගෙන එම අවසරපත් නිකුත් කළ බවටද චෝදනා එල්ල වී ඇත.
මෙම චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් පවතී.
“`1

