Saturday, January 17, 2026
Homeදේශීයරෝගියෙක් මැරුණු එන්නතේ ආසාත්මික වීමේ අනුපාතය 17000:2 යි… පෙර භාවිත කල 18,000න්...

රෝගියෙක් මැරුණු එන්නතේ ආසාත්මික වීමේ අනුපාතය 17000:2 යි… පෙර භාවිත කල 18,000න් කිසි ගැටළුවක් ආවේ නෑ.–කෙහෙලිය

දේශීය සමාගමක් නිෂ්පාදනය කල කෝ- ඇමෙක්සික්ලොව් එන්නත් 21,000 ක් ජාතික රෝහලට ලබාදී ඇති අතර එයින් 18,000ක් භාවිත කර ඇත.

නමුත් මෙම භාවිතා කරන ලද එන්නත් 18,000න් කිසිදු ගැටළුවක් මතුවී නැතිබව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පැවසීය.

ගැටළුවක් වී ඇත්තේ එක් එන්නතක් බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ජාතික පුවත්පතක් විසින් ජාතික රෝහලේදී එන්නතක් ලබාදීම නිසා රෝගියකු මිය යෑම පිලිබදව කල විමසීමකදීය.

මෙම එන්නත් කාණ්ඩය පරීක්ෂණ කටයුතු අවසන් වනතෙක් භාවිතයෙන් ඉවත් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

නියෝජ්‍ය සෞක්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජී විජේසූරිය මහතාගෙන් කල විමසුමකදී ඔහු පැවසුවේ මෙම මරණය සිදුවූයේ ආසාත්මිකතාවය නිසා බව සැක කෙරෙන බවයි.

සාමාන්‍යයෙන් ඇමොක්සික්ලොව් එන්නතක් ආසාත්මික වීමට ඇති හැකියාවේ අනුපාතය දහදාහකට දෙකත් හතරත් අතර බවත් සෞක්‍ය දත්ත පෙන්වා දෙයි.

ඖෂධ ගැටළු සොයා බැලීමට පත් කෙරුණු විශේෂඥ කමිටුව මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය

RELATED ARTICLES

Most Popular

Recent Comments