දෙසැම්බර් මාසයේ මෙරට ගෑස් අවශ්‍යතාව සපුරාලීම සඳහා මෙට්‍රික් ටොන් 45,000ක ගෑස් තොගයක් ලිට්රෝ ගෑස් සමාගම මේ වන විට ඇණවුම් කර ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.අද (17) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, නියමිත කාලයට ගෑස් තොග මෙරටට ගෙන්වා ජනතාවට අඛණ්ඩව සැපයීමට සමාගම කටයුතු කරනු ඇති බවයි.නොවැම්බර් මාසය සඳහා මෙට්‍රික් ටොන් 44,000ක ගෑස් තොගයක් ඇණවුම් කර ඇති අතර, ඉන් මේ වන විට මෙට්‍රික් ටොන් 23,400ක් මෙරටට ලැබී තිබේ.තවත් මෙට්‍රික් ටොන් 3,900ක LP ගෑස් තොගයක් රැගත් නෞකාවක් හෙට (18) දිවයිනට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.නොවැම්බර් 10 වැනිදා සිට දින හතක කාලය තුළ ගෑස් සිලින්ඩර් ලක්ෂ 8ක් වෙළෙඳපොළට නිකුත් කර තිබේ.තවද, සාමාන්‍යයෙන් වෙළෙඳපොළට නිකුත් කළ මෙට්‍රික් ටොන් 32,000ක ගෑස් ප්‍රමාණය මේ වන විට මෙට්‍රික් ටොන් 45,000 දක්වා ඉහළ නංවා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

