Tuesday, October 15, 2024
Homeදේශපාලනවනජීවී සංරක්ෂණයේ පෙරගමන්කරුවන් ලෙස ප්‍රජාව පත් කළ යුතු යි. එතකොට මේ කිසිම...

වනජීවී සංරක්ෂණයේ පෙරගමන්කරුවන් ලෙස ප්‍රජාව පත් කළ යුතු යි. එතකොට මේ කිසිම ගැටුමක් ඇති වෙන්නේ නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

අපේ රටේ අනාගතය පිළිබිඹු කරන ඉඩම් පරිහරණ සැලස්මක් තිබිය යුතු බවත් එහි රක්ෂිත ප්‍රදේශ වන සංරක්ෂණ ප්‍රදේශ වන ජීවී ප්‍රදේශ, කාර්මික ජනපද බිහි වෙන ප්‍රදේශ සම්බන්ධ ජාතික ඉඩම් පරිහරණ හා භෞතික සැලැස්මක් තිබිය යුතු බවත් එය නිර්මාණය වෙන තෙක් සංවර්ධනය හරියට සිදු නොවන බවත් ඒ තුල ප්‍රශ්න ගැටලු උග්‍ර වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සතා සිව්පාවාට ඡන්ද නොමැති වීමත් ජනතාවට ඡන්දය තිබීමත් නිසා සතා සිව්පාවා ගැන නොසිතා කටයුතු කරන බවත් ඊට අමතරව අලි මිනිස් ගැටුම නොමැති ප්‍රදේශවල ජනතාව සතා සිව්පාවා ගැන වැඩි පුර කතා කරන විට ක්ෂේත්‍රය තුළ වැඩි පුර කතා වෙන්නේ මිනිසුන් සම්බන්ධයෙන් බැවින් මේ යථාර්ථය අවබෝධ කර ගෙන ප්‍රායෝගිකව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජාතික ඉඩම් පරිහරණ සැලසුමක් නිවැරදිව සකස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (7) වනජීවී, පරිසර හා ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අමතමිනි.

ඊට අමතරව පාරිසරික වන ජිවී සංරක්ෂණ වැඩසටහනක් සාර්ථක වීමට නම් එය ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහනක් විය යුතු බවත් ප්‍රජාව වනය සහ වන ජීවීන් සංරක්ෂණය කිරීමේ ක්‍රියාවලියේ පෙරමගකරුවෙක් බවට පත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේ ම වනජීවී දෙපාර්තමේන්තුවේ වන ජිවී නිලධාරින් 600ක් පමණ අඩු ප්‍රමාණයක් සිටින බවත් ඔවුන්ට උදව් කිරීමට සිවිල් ආරක්ෂක හා බහු කාර්ය බලකායක් සිටියත් ඔවුන්ට නිසි පුහුණුවක් නොමැති බවත් මේ උග්‍ර මානව හිගයට පිළියමක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරයා හරිත සංවර්ධනය ගැන අවංක නම් වන ජීවීයට නිසි නිලධාරින් බදවා ගත යුතු බවත් ඔවුන්ට නිසි පුහුණු වැඩසටහන් ලබා දිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ ගැටලු පසුගිය පැවැති සෑම ආණ්ඩුවකම තිබූ බැවින් දැන්වත් එය වෙනස්විය යුතු බව යි.

තව ද පාසල් අධ්‍යාපනයට ද වනජීවී සංරක්ෂණය ඉගැන්විය යුතු බවත් පාරිසරික අධ්‍යාපනය අනිවාර්ය සාමාන්‍ය පෙළ විෂයක් බවට පත් කර ඔවුන්ට වාර්ෂිකව වනජීවී සංචාර අවස්ථාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දිය යුතු බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

තව ද අලි සම්පත ගැන අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ හරියට අලි සංගණනයක් සිදුව නැති බවත් යම් විද්‍යාත්මක සංගණනයක් සිදුවූ පසු අලි මරන්න හෝ හිලෑ කරන්න කියා සම හරක් පුද්ගලයන් පැවැසිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කල යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සංස්කෘතිය අවශ්‍යතාව වෙනුවෙන් කැලේ සිටින අලි අල්ලනවා වෙනුවට පින්නවල වැනි ස්ථානවල සිටින හිලෑ අලි පුහුණු කිරීමෙන් මේ අවශ්‍යතාව සපුරා ගත හැකි බව යි.

පසුගිය කාලයේ ලෑන්ඩ්රෝවර් ජීප් අරන් හබරන කවුඩුල්ල මින්නේරියේ අලි රංචු වලින් පැටව් බලහත්කාරයෙන් වෙන් කර අලි හොරකම් සිදුවූ බවත් එබැවින් සංස්කෘතික අවශ්‍යතාවක් වෙනුවෙන් අලි අවශ්‍ය නම් පින්නවල සිටින අලි භාවිත කරන ලෙසත් එම අලි ද නිසි නඩත්තුවකින් සහ අධීක්ෂණයකින් යුතුව අදාළ පන්සල්වලට ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments