Homeසියලුම පුවත්තුන්කොන් එක්දින සටනේ අවසන් මහා තරගය අද ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර

තුන්කොන් එක්දින සටනේ අවසන් මහා තරගය අද ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (31) සත්කාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.ලාහෝර් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.එංගලන්තය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සහභාගී වූ මෙම තරගාවලියේ මූලික වටයේ තරග හතරකට ක්‍රීඩා කළ පාකිස්තානය ඉන් තරග තුනක් ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.මෑත කාලයේදී තරග පරාජයන් රැසකට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී යළිත් දක්ෂතා අතරට පැමිණෙමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීම විශේෂත්වයකි.මූලික වටයේ තරග හතරකට සහභාගී වූ ශ්‍රී ලංකාව ඉන් තරග දෙකක් ජයගනිමින් එංගලන්ත කණ්ඩායමේ අවසන් තරග බලාපොරොත්තු බිඳ දමමින් අවසන් සටනට එක්විය.අද තරගය පැවැත්වෙන ලාහෝර් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක ක්‍රීඩාංගණයක් ලෙස සැලකේ.එම ක්‍රීඩාංගණයේදී මේ දක්වා එක්දින තරග 16කට සහභාගී වී ඇති ශ්‍රී ලංකාව ඉන් තරග 11ක් ජයගැනීමට සමත්ව තිබේ.තවද, අවසන් වරට එම ක්‍රීඩාංගණයේදී සහභාගී වූ එක්දින තරග හතෙන් හයක්ම ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමද කැපී පෙනෙන කරුණකි.

RELATED ARTICLES

Most Popular

Recent Comments