පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ඔර්නබ් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්රික්ක 18ක පුද්ගලයින් 21,240 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කරයි.පසුගිය 23 වැනිදා සිට අද (31) උදෑසන 6.00 දක්වා කාලය තුළ මෙම බලපෑම් වාර්තා වී තිබේ.ඒ අනුව ප්රාදේශීය ලේකම් කොට්ඨාස 136කට අයත් පවුල් 5,768ක ජනතාව මෙලෙස ආපදා තත්ත්වයට මුහුණ දී ඇති බව වාර්තා වේ.එමෙන්ම මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර තවත් හයදෙනෙකු තුවාල ලබා තිබේ. නිවාස 08කට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 737කට අර්ධ හානි සිදුව ඇති බවද ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි.රත්නපුරයට වැඩිම බලපෑමක්අයහපත් කාලගුණයෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ රත්නපුර දිස්ත්රික්කයෙනි. එහි ප්රාදේශීය ලේකම් කොට්ඨාස 15කට අයත් පවුල් 2,666ක පුද්ගලයින් 10,051 දෙනෙකු බලපෑමට ලක්ව තිබේ.එම දිස්ත්රික්කයෙන් එක් මරණයක් සහ තුවාල ලැබීම් දෙකක් වාර්තා වී ඇති අතර නිවාස හානි 101ක්ද සිදුව තිබේ.දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත්රික්කයට වන අතර එහි ප්රාදේශීය ලේකම් කොට්ඨාස 11ක පවුල් 1,850කට අයත් පුද්ගලයින් 6,900 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.පුත්තලම දිස්ත්රික්කයෙන් මරණයක් සහ තුවාල ලැබීම් දෙකක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවද සඳහන් වේ.මේ අතර, වැඩිම නිවාස හානි සංඛ්යාවක් වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්රික්කයෙන් වන අතර එහි නිවාස 113කට හානි සිදුව තිබේ. ඒ අතර පූර්ණ නිවාස හානියක්ද ඇතුළත් බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

