Thursday, February 19, 2026
Homeඅපරාධවනජීවී හා වනාන්තර අපරාධ සම්බන්ධයෙන් මහජන පැමිණිලි 189ක්.

වනජීවී හා වනාන්තර අපරාධ සම්බන්ධයෙන් මහජන පැමිණිලි 189ක්.

වනජීවී හා වනාන්තර අපරාධ සම්බන්ධයෙන් මේ වනවිට මහජන පැමිණිලි 189ක් ලැබී ඇති බව පරිසර අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, එම පැමිණිලිවලින් 94ක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන මේ වනවිට සිදුකරමින් පවතින අතර, අනෙක් පැමිණිලි 95කට අදාලව නීතිමය ක්‍රියාමාර්ග ගෙන අවසන් කර ඇති බවද අමාත්‍යංශය සඳහන් කරයි.

පරිසර අමාත්‍යංශයේ “වනස්පති” ජාතික වැඩසටහන යටතේ හඳුන්වාදුන් “වනසුරැකුම – ඒකාබද්ධ මෙහෙයුම් විමර්ශන මධ්‍යස්ථානය” මඟින් ක්‍රියාත්මක කරන 1995 කෙටි දුරකතන අංකය ආරම්භ කර මාස දෙකක් ගතව ඇති අතර, එම කාලය තුළ මෙම පැමිණිලි ලැබී ඇත.

මෙම පැමිණිලි වනාන්තර හානි, වනජීවීන්ට එරෙහි නීතිවිරෝධී ක්‍රියා, කඩොලාන හා තෙත්බිම් ගොඩකිරීම්, වන රක්ෂිත ප්‍රදේශ හෙළි පෙහෙළි කිරීම සහ වෙනත් වනාන්තර අපරාධ සම්බන්ධයෙන් වාර්තා වී ඇත.

එහිදී වැඩිම පැමිණිලි සංඛ්‍යාව මොනරාගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් ලැබී ඇති බවද පරිසර අමාත්‍යංශය පෙන්වා දෙයි.

1995 කෙටි දුරකතන අංකයට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ඊයේ (20) පරිසර අමාත්‍යංශයේදී, පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මේ අතර, වනජීවී හා වනාන්තර අපරාධ පිළිබඳව පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවාවක් ලෙස 1995 අංකය භාවිතා කර මහජනතාවට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද පරිසර අමාත්‍යංශය අවධාරණය කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments