Homeසියලුම පුවත්වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාවට ඩයනා ගමගේ වරද පිළිගනී

වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාවට ඩයනා ගමගේ වරද පිළිගනී

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට වරද පිළිගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.අදාළ නඩුව අද (26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙනෙවිරත්න මහතා අධිකරණයට දැනුම් දී ඇත්තේ තම සේවාදායිකාව අදාළ චෝදනාවට වරද පිළිගන්නා බවයි.ඉන් අනතුරුව නඩු කටයුතු සුළු වේලාවකට කල් තබා තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments