Homeසියලුම පුවත්වසර 2ක් තුළ පාසල් හැරගිය සිසුන් 1,000 ඉක්මවයි

වසර 2ක් තුළ පාසල් හැරගිය සිසුන් 1,000 ඉක්මවයි

2024 සහ 2025 වසර දෙක තුළ සිසුන් දහසකට අධික පිරිසක් අතරමග පාසල් හැරගොස් ඇති බව නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි.
අද (19) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව, 2024 වසරේ පාසල් නොයන ළමුන් 711 දෙනෙකු සහ 2025 වසරේ ළමුන් 885 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන් වෙයි.
එමෙන්ම, 2024 වසරේ සිසුන් 597 දෙනෙකු පාසල් හැරගොස් ඇති අතර 2025 වසරේ එම සංඛ්‍යාව 301ක් ලෙස වාර්තා වී තිබේ.
නැවත පාසල්ගත කරන ලද ළමුන් සංඛ්‍යාව 2024 දී 309ක් සහ 2025 දී 210ක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments