අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අද (06) රාත්‍රී 10.00 සිට හෙට (07) පෙරවරු 5.00 දක්වා පැය 7ක කාලයක් වැල්ලවත්ත සහ පාමංකඩ ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
මෙම ජල කප්පාදුව මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා සිදුකරන බව සඳහන් වේ.
ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගෙන, පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස මණ්ඩලය ඉල්ලා සිටී. නඩත්තු කටයුතු හේතුවෙන් සිදුවන අපහසුතාව පිළිබඳව ද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණගාටුව පළ කර ඇත.

