පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධ විමර්ශනවලදී තමන් අත්අඩංගුවට ගැනීම හා රඳවා තැබීම වළක්වා දෙන ලෙස රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනු කළ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් අද (06) අභියාචනාධිකරණයේදී යළි සලකා බැලීය.
එහිදී අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු අතරමැදි පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් නීතිඥවරු කරුණු ඉදිරිපත් කළ අතර, එම අතරමැදි පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අගෝස්තු 10 වනදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළේය.

