දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව ජලයෙන් යටවීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ මාර්ග මේ වන විට නැවත විවෘත කර තිබේ.
ජල මට්ටම පහළ යාමත් සමඟ රථවාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි යළි ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඊයේ (13) අධික ජල ගැලීම් හේතුවෙන් සැහැල්ලු වාහන සඳහා ඇතැම් පිවිසුම් සහ පිටවීම් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණි
වැලිපැන්න අන්තර් හුවමාරුව යළි විවෘත කරයි

