පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා, තමිල්නාඩු මහ ඇමති ජෝශප් විජේ මහතා හමුවීමේ අරමුණින් මේ දිනවල චෙන්නායි නුවරට ගොස් ඇති බව වාර්තා වෙයි.
TVK පක්ෂ නියෝජිතයන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් තමිල්නාඩු නායකත්වය හඬ අවදි කළ යුතු බවයි.
කෙසේ වෙතත්, මේ වනතෙක් ඔහුට විජේ මහතා හමුවීමට අවස්ථාවක් ලැබී නොමැති බවද වාර්තා වේ.
මන්ත්‍රී අර්ච්චුනා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, තමිල්නාඩුවේ සිදුවූ දේශපාලන වෙනස ඉතිහාසගත සිදුවීමක් බවයි.
විජේ හමුවීමට මන්ත්‍රී අර්ච්චුනා චෙන්නායි බලා

