Sunday, November 16, 2025
Homeදේශපාලනවිදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පතට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා - වෘත්තීය...

විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පතට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා – වෘත්තීය සමිති

විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පතට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව වෘත්තීය සමිති තීරණය කර තිබේ.

විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේ, ඊයේ (19) රාත්‍රී පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි.

නව පනත් කෙටුම්පත හරහා විදුලි බල මණ්ඩලය කොටස් 14 කට වෙන් කර පෞද්ගලික අංශයට ලබාදීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

ඊට විරෝධය පළ කරමින් ආරම්භ කෙරෙන වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් ලබන බදාදා පැවැත්වෙන බව ද රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේ ය. (News1st)

RELATED ARTICLES

Most Popular

Recent Comments