අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමය දැඩි විරෝධය පළ කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමේ රජයේ උත්සාහය පිළිබඳව තමන්ගේ අප්‍රසාදය පළ කරන බව එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
අධිකරණයේ විනිසුරුවරුන්ගේ පුරප්පාඩු පිරවීම ප්‍රමාද වී ඇති බවත්, නඩු කටයුතු ගොඩගැසීම හේතුවෙන් යුක්තිය ඉක්මනින් ලබාදීමට බාධා ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
විනිසුරුවරුන්ගේ සේවා කාලය දිගු කිරීමෙන් නඩු ප්‍රමාද වීම විසඳිය නොහැකි බවත්, එය අධිකරණ ස්වාධීනතාවය පිළිබඳ ප්‍රශ්න මතු කරන ක්‍රියාවක් විය හැකි බවත් නීතිඥ සංගමය අවධාරණය කර ඇත.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට එරෙහිව නීතිඥ සංගමයක විරෝධය

