හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 3.5ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින බැංකුවේ සහකාර කළමනාකරු අද (07) විමර්ශන කටයුතු සඳහා අදාළ බැංකු පරිශ්‍රයට රැගෙන ගොස් තිබේ.
එහිදී සිද්ධියට අදාළ ප්‍රතිනිර්මාණ පරීක්ෂණ සහ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. පසුව ඔහු මිල්ලනිය ප්‍රදේශයට ද රැගෙන යාමට නියමිත බව සඳහන්ය.
මෙම සැකකාර කළමනාකරු දින හයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) අවසර ලබාදී තිබුණි.
පසුගිය ජුනි 03 වැනිදා ATM යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා රැගෙන යමින් තිබූ රුපියල් කෝටි 3.5ක මුදලක් කොල්ලකෑ බවට පැමිණිල්ලක් ලැබීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කෙරිණි.
පසුව සිදුකළ විමර්ශනවලදී බැංකු පරිශ්‍රයේ තිබූ අබලි ද්‍රව්‍ය ගබඩා කරන කන්ටේනරයකින් රුපියල් 17 ලක්ෂ 40,000ක මුදලක් සොයාගෙන ඇති අතර, මුදල් අතුරුදන් වීම සැලසුම් සහගත ක්‍රියාවක් බවට සැක මතුවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආරක්ෂක නිලධාරියා ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
හොරණ බැංකු මුදල් අතුරුදන් වීමේ සිද්ධිය – සැකකාර කළමනාකරු බැංකුවට රැගෙනවිත් විමර්ශන

