Homeසියලුම පුවත්විපක්ෂ පක්ෂ නායකයින් අද විශේෂ සාකච්ඡාවක

විපක්ෂ පක්ෂ නායකයින් අද විශේෂ සාකච්ඡාවක

විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින් අද (23) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් සඳහා එක්වීමට නියමිත බව වාර්තා වෙයි.
රජය විසින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනයකට අනුව මෙම හමුව පැවැත්වෙන අතර, විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නායකයින්ට ඊට ආරාධනා කර තිබේ.
අද පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන්ටද ආරාධනා කර ඇති අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටද සහභාගී වන ලෙස දැනුම් දී ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ, අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව සංවිධානය කර ඇති බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments