වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 27,475කට අයත් පුද්ගලයින් 88,068 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිස්ත්‍රික්ක 6කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 28කට මෙම වියළි කාලගුණික තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අතරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 27ක ජනතාවට පානීය ජලය සැපයීමට මේ වන විට පියවර ගෙන තිබේ.
ඒ අනුව පවුල් 27,048කට අයත් පුද්ගලයින් 86,368 දෙනෙකු සඳහා පානීය ජලය බෙදාහැරීම සිදුකර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
වැඩිම පිරිසකට පානීය ජලය ලබාදී ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයේ වන අතර, එහි පවුල් 11,751කට අයත් පුද්ගලයින් 37,890 දෙනෙකුට ජලය ලබාදී තිබේ.
මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 9,547කට අයත් පුද්ගලයින් 28,523 දෙනෙකුටද පානීය ජලය බෙදාහැර ඇත.
එමෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 2,823කට අයත් පුද්ගලයින් 8,847ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2,227කට අයත් පුද්ගලයින් 8,383ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 683කට අයත් පුද්ගලයින් 2,646ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 17කට අයත් පුද්ගලයින් 79 දෙනෙකු සඳහාද පානීය ජලය ලබාදීමට කටයුතු කර තිබේ.

