Homeසියලුම පුවත්වෙඩි තැබීමට යොදාගත් යතුරුපැදිය බොරලැස්ගමුවෙන් සොයාගැනේ

වෙඩි තැබීමට යොදාගත් යතුරුපැදිය බොරලැස්ගමුවෙන් සොයාගැනේ

බොරලැස්ගමුවේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදාගත් බවට සැක කෙරෙන යතුරුපැදියක් මහරගම පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පන්නිපිටිය මහල්වරාව ප්‍රදේශයේ විහාරස්ථානයක් ආසන්නයේ පිහිටි වෙල්යායක දමා ගොස් තිබියදී අද (05) මෙම යතුරුපැදිය සොයාගෙන ඇත.

මහරගම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත මෙම යතුරුපැදිය සොයාගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කරයි.

ඊයේ (04) රාත්‍රියේ බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණි.

නිවසේ රැඳී සිටි 74 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයා ‘කොස් මල්ලි’ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ අයෙකු බවද පොලීසිය අනාවරණය කරගෙන ඇත.

වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments