Homeසියලුම පුවත්ප්‍රදේශ කිහිපයකට අද තරමක තද වැසි – ස්ථාන කිහිපයකට ඉර මුදුන් වෙයි

ප්‍රදේශ කිහිපයකට අද තරමක තද වැසි – ස්ථාන කිහිපයකට ඉර මුදුන් වෙයි

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (06) පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.

මේ අතර, දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බව සඳහන් වේ.

ඒ අනුව අද (06) දහවල් 12.08ට බෙන්තොට, තිනියාවල, ඉත්තකන්ද, උඩවලව සහ කතරගම යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments