Homeසියලුම පුවත්ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අත්‍යවශ්‍යයි - ජනපති

ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අත්‍යවශ්‍යයි – ජනපති

නිරෝගී සහ විනයගරුක අනාගත පරපුරක් බිහිකිරීම සඳහා රට තුළ ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.
ජනතාවගේ දෛනික ජීවිතයේ කොටසක් ලෙස ක්‍රීඩාව පවත්වාගෙන යාමට ආකල්පමය වෙනසක් අවශ්‍ය බවත්, රිය අනතුරු වැඩිවීම, තරුණයන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම වැනි සමාජ ගැටලුවලට දිගුකාලීන විසඳුමක් ලබාදීමට එය දායක වනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය යෝජනා සම්බන්ධයෙන් ඊයේ (23) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
ක්‍රීඩාව තරග ජයග්‍රහණවලට පමණක් සීමා නොවී ජන ජීවිතයට සමීප සංස්කෘතියක් බවට පත් කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම, 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය පුහුණුව හා පහසුකම් ලබාදීම කෙරෙහිද විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments