Homeසියලුම පුවත්ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත සැප්තැම්බරයේ ඩොලර් මිලියන 78කින් අඩුවෙයි

ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත සැප්තැම්බරයේ ඩොලර් මිලියන 78කින් අඩුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2026 අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී 1.1%කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව අගෝස්තු මාසය අවසානයේ අමෙරිකානු ඩොලර් මිලියන 6,929ක්ව පැවති නිල සංචිත වත්කම් ප්‍රමාණය සැප්තැම්බර් මාසය අවසන් වනවිට ඩොලර් මිලියන 6,851ක් දක්වා අඩුවී තිබේ.

එමඟින් මාසයක් තුළ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 78කින් පමණ අඩුවී ඇත.

මෙම නිල සංචිත වත්කම් ප්‍රමාණයට චීන මහ බැංකුව සමඟ ඇති කරගෙන තිබෙන මුදල් හුවමාරු පහසුකම යටතේ ලැබුණු ප්‍රතිපාදනද ඇතුළත් වන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments