Sunday, December 21, 2025
Homeදේශපාලනශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සමාලෝචනයක් ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවලදී සිදු කෙරේ.

විදේශ අමාත්‍යාංශය පැවසුවේ එහිදී මානව හිමිකම් උල්ලංඝණය කිරීම්, ත්‍රස්ත විරෝධී ක්‍රියාමාර්ග, අධිකරණයේ ස්වාධීනත්වය ආදිය පිළිබඳ සාකච්ඡාවට ලක්වන බවය.

එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පාර්ශවය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහභාගී වීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 52 වන නිත්‍ය සැසිවාරය මේ වන විට ජිනීවා හිදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය සැසිවාරයේදී සම්මත කළ 51/1 යෝජනාවලිය පිළිනොගන්නා බව ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය හමුවේ නැවත අවධාරණය කර තිබේ.

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මෙරට නිත්‍ය නියෝජිත හිමාලි කරුණාතිලක මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අනුමැතියකින් තොරව සම්මත කර ඇති එම යොජනාවලිය මගින් තම රටට කිසිදු යහපතක් ඇති නොවන බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments