දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කර තිබේ.
අල්ලස් කොමිසම සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 2ක් මත සැකකරු මුදාහැරීමට නියම කර ඇති අතර, විදේශ ගමන් තහනමක්ද පනවා විදේශගමන් බලපත්‍රය අධිකරණයට භාරදීමටද නියෝග කර තිබේ.
ශාන් විජයලාල් ද සිල්වාට ඇප

