ශ්රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දෛනික විනිමය අනුපාතික අනුව දැක්වේ.
ඒ අනුව අද (12) දින අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 331.42ක් ලෙසද, විකුණුම් මිල රු. 341.36ක් ලෙසද සටහන් වී තිබේ.
ඊයේ (11) දිනට සාපේක්ෂවද ඩොලරයේ අගය තවදුරටත් ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත මගින් පැහැදිලි වේ.
ඩොලරයේ විකුණුම් මිල රු. 341 ඉක්මවයි

