හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මීට සුළු වේලාවකට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිට තිබේ.
ඒ සඳහා අද (03) දිනයේ FCID හමුවේ පෙනී සිටින ලෙස ඇයට මීට පෙර දැනුම් දී තිබුණි.
පසුගිය 27 වැනි දින ප්‍රකාශයක් ලබාදීම සඳහා FCIDයට පැමිණෙන ලෙස දන්වා තිබුණද, එදිනට පැමිණිය නොහැකි බවත්, ඒ සඳහා සති දෙකක කාලයක් ලබාදෙන ලෙසත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය නීතිඥයෙකු මාර්ගයෙන් පොලීසියට දැනුම් දී තිබුණි.

